මිනිසා විසින් හැඩ හැඩගන්වා ගනු ලැබූ අන් සෑම කලාවක් මෙන් නාට්‍ය කලාව ද ප්‍රාග් ඓතිහාසික යුගයෙහිම නිපදවාගත් කලාවකි. එහි ප්‍රභවය කුමන හේතූන් කරණ කොටගෙන කුමන කාලයකදී සිදුවී දැයි නිරාකරණය කිරීම අතිශයින් දුෂ්කරය.
මිනිසා කලාව දෙසට නැඹුරු වූයේ ඔහුගේ සහජ ලැදියාවන් ගේ බලපෑම නිසාය. පස ඉඳුරන් පිනවීම මිනිසාගේ ජීවන චක්‍රය හැඩගැන්වීමෙහිලා මූලික වූ බලවේගයකි. ම්ලේච්ඡ මිනිසා පමණක් නොව තිරිසනාද ඇස්, කන්, නාසාදිය පිනවීමේහි නිරත වන බව විද්‍යාඥයින්ගේ පරීක්ෂණවලින් පෙනී යයි.
ඇත්ගොව්වාගේ වස්දඬු වැයුම් අසා මෙල්ලවන ඇතත්, වැද්දාගේ මිනි හඬට අවනත වන මරණය කරා එන මුවාත්, මවගේ සුමිහිරි නැළවිලි ගීයට අවනත ළදරුවත් එක ලෙසම විදහා පානුයේ සංගීතය කෙරෙහි ඇති ආශාවයි.
ඇස පිනවීමට චිත්‍ර කලාව බිහිවූ අතර කන් පිනවීමට විශ්ව භාෂාවක් ලෙස සංගීතය, කවිය, වාදනය, ගීතය බිහි විය. ඇසත් කනත් එකවිට පිනවීමට, සැනසීමට, නර්තනය නම් වූ විශිෂ්ට කලාව බිහි විය.
Image copyrights : fine art Americaසෑම නාදයක් ම සෑම අංග චලනයක් ම ඉඳුරන් පිනවීමේහිලා උපයෝගී නොවන බව මෙහිලා සැලකිය යුතු කරුණකි.
ස්වභාවික සිද්ධියත් කලාවත් අතර පවත්නා වෙනස නම් කලාව රිද්මයක් නැතහොත් අර්ථයකින් ඇතිවන පරිදි ප්‍රයත්නයෙන් හැඩගස්වා ගැනීමයි. එයම වදන්වලින් කියවෙත හොත් මිනිසාගේ රුචිකත්වය අනුව පිළියෙළ කොට ගත් වර්ණ හෝ නාද මඟින් ද වචන හෝ අදහස් මගින් ද හැඩගැන්වූ සමූහය කලාවයි.
කලාව නිපදවන්නා ගේ රුචිකත්වය කලා කෘතියේ අගය දියුණු කරයි. එසේම කලාවෙහි රසවිඳින්නාගේ රුචිකත්වය එම අගය වටහා ගැනීමට ආධාර වේ.
Image copyrights : shutterstock.comඉතා ඈත යුගයෙහි සිටම මිනිස් සමාජය කලාකෘති නිපදවීමේ දස්කම සහජ වාසනාවක් ලෙස ලබා ගත් පිරිසක් සිටින බව පෙනේ. සංගීතය කලාවක් මෙන් ම ඔවුන් අතර ප්‍රචලිත වූ බවට සාක්ෂි ඉදිරිපත් කිරීම දුෂ්කර වුවත් ඔවුන්ගේ කලා රසිකත්වයන් පිළිබඳ හැඟීමක් ගුහා සිතුවම් වලින් ලබාගත් හැක. මෙසේ කලාකෘති නිෂ්පාදනයෙහි නියැළුණු පිරිස් අන්‍යයන්ගේ විනෝදය සඳහා සිය නිර්මාණ ශක්තියෙහි යෙදූහ.
මිනිසා කලාව උපයෝගී කොට ගත්තේ හුදෙක් විනෝදාස්වාදය සඳහා ම නොවේ. දිවිපෙවෙතෙහි කම්කටොලු සැහැල්ලු කර ගැනීමට හෝ කලාව පිහිට කොට ගත්තේය.
මහ රෑ ගැල පදවන ගැල් කරුවා කරත්ත සීපදය මුර ගා ගයන්නේ ගමනෙහි කාන්සිය මගහරවා ගැනීමටත් නිදිබර ගතිය දුරු කර ගැනීමටත් ය. එසේම පාරු කාරයා "දමා තැල්ල ත්‍රිහිටි තිගොයි" යන වාරම කියන්නේ සිය කාන්සිය මඟහරවා ගැනීමටයි. ගොයම් කපන දැරියන් හා ගම්මුන් කවි ගයමින් උඩැක්කි, බුම්මැඩි හෝ බෙර තාලයට පාද තබන්නේ ගීතයෙහි වූ රිද්මයෙන් මෙන්ම අංග චලනයන් පිලිබඳ රිද්මයෙන්ද සිය විඩාව පහ කරගත හැකි බැවිනි. රිද්මයානුකූල චලනය වෙහෙස දුරුකර ගැනීමෙහිලා ඉමහත් ආධාරකයකි.
මෙම මංගල්‍යයන් පැවැත්වීමෙන් අද සමාජයේ නර්තනයට හිමිවී ඇති ස්ථානය තව තවත් වැඩි දියුණු වේ. එමෙන්ම මෙවැනි මංගල්‍යයක් තුලින් නර්තනය හදාරන ශිල්පීන් හට ඉතා උසස් තැනක් ලැබෙයි. එමෙන්ම මෙම කලාව සමාජයේ ඉතා උසස් තත්ත්වයකට පත්වීමට බොහෝ සෙයින් වැදගත් වේ.
කාර්මීකරණය වෙමින් පවතින ලොව තුල මෙවැනි උතුම් කලාවන් මතුවටත් රැක ගැනීමෙහිලා මෙය මහත් රුකුලක් වෙතැයි අප විශ්වාස කරමු.
Great👌
ReplyDelete👍♥️
ReplyDelete